ගායනය : වික්ටර් රත්නායක
මියුරු කල්පනා නෙතක දල්වුනා
අමයුරු රස හසකැන් මැද
සිතක් හිනැහුනා..
වරෙක නැලවුනා වරෙක ලතවුනා
නුපුරුදු ගිනි දහසක් මැද
සිතක් මැලවුනා
මියුරු කල්පනා.......
අමයුරු රස හසකැන් මැද
සිතක් හිනැහුනා..
වරෙක නැලවුනා වරෙක ලතවුනා
නුපුරුදු ගිනි දහසක් මැද
සිතක් මැලවුනා
මියුරු කල්පනා.......
හිමගිර මට වැලි අහුරකි
මහා සමුදුර දිය රැල්ලකි //
කටු අකුලෙන් මල් පුබුදමි
ඔබ සැනසේ නම්.....
මියුරු කල්පනා......
පිනි බිඳකින් මුතු අමුනමි
දිනිසුරුගෙන් සීතල දෙමි //
කඩුතුඩු මත සෙතපෙන්නෙමි
ඔබ සැනසේ නම්..
මියුරු කල්පනා......
No comments:
Post a Comment