Thursday, 18 October 2012

තරු මල් යායම

 

ගායනය: ගුණදාස කපුගේ  

තරු  මල්  යායම  පොඩිකර  අහස්  විලේ
ඉර  හඳ මිරිකා  දිය  කර  සාගරයේ
අඳුරේ  උන්නෙමි  ලොවම  එපා  වී
මා හැරදා ඈ ගිය  දවසේ
මා  හැරදා  ඈ ගිය  දවසේ

දුක  පැවසුවෙමි  අසනා කෙනෙක් නැති
පාලු නැසුවෙමි තනියට  කෙනෙක්  නැති
තැවුනේ  දැව්නේ පිරිසිදු  සිතකිනි
එකම  ලඳක්  වෙත 
පෙම්  කල  උමතුවෙනි 

තරු  මල්  යායම  පොඩිකර  අහස්  විලේ..

නුවර  උයන්  මැද හමුවූ  ලඳුන්  නැති
යටසින්   බැලු  නෙත්  රහසින්  කතා  නැති
තැවුනේ  දැව්නේ පිරිසිදු  සිතකිනි
එකම  ලඳක්  වෙත
පෙම්  කල  නිසාවෙනි 

තරු  මල්  යායම  පොඩිකර  අහස්  විලේ...

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...