Sunday, 21 October 2012

සැදෑ අඳුර ලොව | Sanda andura lowa



ගායනය : සෝමතිලක ජයමහ

සැදෑ අඳුර ලොව ගලන වෙලාවට
කවුළු පියන්පත් වැසෙන වෙලාවට ..//
දහසක් දොම්නස් සිහින පවුරු මැද
තනිවුන ඔබෙ සුසුමන් සෙමෙන් විත්
මගෙ සවනත පාරයි

තෙරක් නොමැති සිතිවිලි සයුරක් මැද
සරණ විටදී රැය ගෙවෙන තුරාවට ..//
මහද සෙනෙහෙ ඔරුවේ නැගී ඔබ
එතෙර වන්න නිබඳේ නිදි ලොව වෙත
එතෙර වන්න නිබඳේ

නිමල පැතුම් සපුරාගෙන හදතුල
සිහින ලොවෙන් නෙත හැරෙන වෙලාවට //
අරුනලු නැගෙන පැයේ කුසුමක් වෙමි
ජීවන මල් ගොමුවේ ඔබෙ ආදර
ජීවන මල් ගොමුවේ


No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...