සිහිනයකි ඔබ නිහඬ මැදියම් රෑ
නිදන නෙත යුග සනසනා...
සුසුම් රැලි ඔබ තනිව හිඳි වේලේ
නිහඬ මා හද සනසනා...
ඉරකි ඔබ මට සඳක ඔබ මට
කිසිදු කිසි විට සමු නොගන්නා ...
සයුරු රළ ඔබ.. ඈත සමුදුර..
සයුරු තෙර මා හමුවනා....
යුග ගණන් අප වෙන්ව ආ මග
සොඳුරු නිම්නෙක එක්වෙලා..
දුක් සුසම් නැති අපේ ලොව තුල
සිනා මල් පෙති විසිරිලා..
හිරුට තනි නැත සඳුත් නැත තනිවී
එකම අහසක හමුවෙලා..
ලොවම සසලව බල සිටියාවේ
යලිදු අප ඇත ලංවෙලා....
No comments:
Post a Comment