Friday, 19 October 2012

හදේ කොතැනක හෝ


ගායනය : සුනිල් එදිරිසිංහ

හදේ කොතැනක හෝ ඉඳි ඔබ
නිදා නොනිද මෙන්
බලා අවසර සොයා කල් මැන
වෙලා හසරහැනින්
පෙළයි මා මුදා සුව දැහැනේ

සයුර ඉම වන් ක්ෂිතිජ රෙකාවේ
මියෙන හිරුසේ ගිලි බිම් අඳුරේ
තලා මා සිත පලා ගිය ඔබ 
දවයි මා .... තනිවෙනා මොහොතේ

උතුම් පිවිතුරු ප්‍රේමයේ නාමෙන්
සවස් සුවහස් පැතුම් බල මහිමෙන් 
ඉනු කඳුලද සිදෙන්නට පෙර 
යදින්නම්.... ඔබ මැකී යනු මතකෙන්


No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...