Sunday, 21 October 2012

මා නෙත් කැදැල්ලේ | Maa neth kadalle

ගායනය : මිල්ටන් මල්ලවාරච්චි

මා නෙත් කැදැල්ලේ සැතපීලා නිදැල්ලේ
දැවටී රන්දැලේ හද පුරා සැනසිලා
ආයෙත් ඉගිල්ලී පියඹාලා පිපාසෙන්
නොසරා මල් කැලේ රොන් සොයාලා //

බඹර තුඩු ගා නැතී කුමුදු මලකින් පෙතී
ගෙනෙමි දුර ඈත විලකින් බලා..//
ඒ මැද ඔබෙ යහන සාදන්නෙ නාදල්ලෙනී
සුවඳ උලා

අරුණ පිනි බිංදුවයි පියුමෙ මකරන්දයයි
පොවමි මේකුළක කලතා නිවා
ඉන් මතු කිසිදාක යන්නෙහිද හද රන් ලෙනේ
පහන නිවා


No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...