නිම් තෙරක් නොදුටු මේ ලෝකයේ
රුදු සපුන් නිබඳ සරණා බිමේ //
ඔබේ සිනාවක මගේ නවාතැන
අරුණු විහිදුවාවී ජීවිතයේ
රැල් නගා ගලන ගංගා දියේ
මං වසාදමනු හැකිදෝ කෙසේ //
සොයා සයුරු දිය හඹා ඇවිත් ගඟ
සදා සැඟව යාවි සාගරයේ
සිල් බිඳී මුවන් කැළඹු වනේ
බිම නොලා නෙලූ පල මාවතේ //
සදා ඔබේ ගින් බෙදා ගනිමි මම
තැවුල් සැඟව යාවි මාරුතයේ
ගායනය: සුනිල් එදිරිසිංහ
No comments:
Post a Comment