සැබෑවූ සුබ සිහිනයයි
සෙනෙහසින් කුළගෙට පියනගන්නෙ
සනුහරේ අභිමානයයි
මම මලක් ලෙස නුබ නොහැදුවෙ
පෙති තැලී පරවෙන නිසාමයි
දුක දිනා හිනහෙන හැටි ලොවේ
නුබ දැන උගත් පාඩම තමයි
මිල මුදල නිල බල යා නොදේ ..
කල හොඳම විතරක් ඉතිරි වේ ......
දුවේ නුඹ මගෙ ප්‍රාණයයි...... …
අප මීමුතුන් මිත්තන් එදා
සිය ලේ කඳුලු දහදිය පුදා
පරපුරෙන් පරපුරට රැගෙන ආ
ගෞරවය මගෙ දුවතමා
නුබ යන්නෙ හිස් දෑතින් නෙමයි
ගෙනියන්නෙ ඒ අභිමානයයි ...
ගායනය : සුනිල් එදිරිසිංහ
No comments:
Post a Comment