Friday, 2 November 2012

ලොවම එපා වී | lowama epa wee

ලොවම එපා වී
ලොවම කලකිරී
දැවී දැවී හිදිනා වේලේ
ඔබේ දයාබර එකම වදනකින්
මගේ ආත්මය සුවපත් වේ

අසා අසෝබන නින්දා ගැරහුම්
වැලහින්නක සේ වැලපෙන මොහොතේ
පවනේ පාවෙන ඔබේ සුවදකින්
පිපාසිත වූ හද සිහිලැල් වේ

ලොවම එපා වී

ලබා නොමිනිසුන් නගනා ගෙරවුම්
මුවැත්තියක සේ බියපත් මොහොතේ
සිරුරේ තැවරෙන ඔබේ සුසුමකින්
මුළු ගැන් වුන සිත උණුසුම් වේ

ලොවම එපා වී

ගායනය: නන්දා මාලිනි


No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...